ගොසිප්

කොරෝනා වෛරසය උල්කාවකින් ආ බව ඇත්තක්ද[VIDEO]

(UTV |කොළඹ ) -කොරෝනා වෛරසය 2019 ඔක්තෝබර් මාසයේ චීනයට වැටුණ උල්කාපාතයක් නිසා පැතිරුණ විෂබීජ හරහා ලෝකයට ආ බව මෙරට මහාචාර්යවරයෙකු පවසයි.

ඔහු තාරකා ජීවවිද්‍යාව පිළිබඳ බකිංහැම් මධ්‍යස්ථානයේ මහාචාර්ය චන්ද්‍ර වික්‍රමසිංහ මතයක් පළ කර තිබෙන අතර මේ වනවිට එම කාරණාව ජාත්‍යන්තර මාධ්‍ය තුළ ආන්දෝලනයක් ඇති කර තිබේ.

මෙම උල්කාපාතය වැටෙන දර්ශනද අදාළ දිනයේ චීනයේ ස්ථානගත CCTV කැමරා ගණනාවක වීඩියෝ ගතවී ඇත.

එම වීඩියෝව පහතින්

ඔක්තෝම්බර් මාසයේදී චීනය පුරා පුපුරා ගිය අභ්‍යවකාශයේ සිට ආ උල්කාපාත වෛරස් අංශු සුළං මගින් රෝගය දැඩි ලෙස පීඩාවට පත් රටවලට ව්‍යාප්තවී ඇති බව ඔහු පැහැදිලි කර තිබේ.

මහාචාර්ය වික්‍රමසිංහ ගෙන එන මෙම අදහස ‘පැන්ස්පර්මියා’ සංසිද්ධියක් ලෙස විද්‍යාත්මකව පැහැදිලි කර ඇත. තාරකා ජීව විද්‍යාඥයෙකු වූ ඔහු මීට ඉහත සාර්ස් වෛරසය චීනයේ පැතිර ගිය අවස්ථාවේදීද මෙබඳු අදහස් ගෙන ආවේය.

කොරෝනා තත්වය ඇති කරවූ උල්කාපාතය 2019 ඔක්තෝබර් 11 වන දින අළුයම 12:16 ට පමණ චීනයේ ඊසාන දෙසින් අහස හරහා පියාසර කරන දීප්තිමත් ගිනි බෝලයක් ලෙස දැකගත හැකි විය.

අහස දීප්තිමත් ලෙස බැබළුණු බව වාර්තා වන අතර එය රාත්‍රී අහස මොහොතකට දවාලක් බවට පත් කළේය.

එය වැටුණ තැනක් නැති අතර වායුගෝලයේ බිඳී ගොස් ඇතැයි සැලකේ.

Related posts

මැටි වලින් හදන ක්‍රීම් එකක් ළගදීම වෙළඳපළට

Mohamed Dilsad

බන්ධනාගාර රැදවියන් අතරත් කොරෝනා භියක්

Mohamed Dilsad

සජිත්ගේ මැතිවරණ කටයුතු හරීන් අතට ගනී

Mohamed Dilsad

Leave a Comment