(UTV | කොළඹ) – විශ්‍රාමිකයන් තුන් ලක්ෂ පනස්දහසකට ආසන්න පිරිසකට ඇඳිරි නීති තත්ත්වය හමුවේ විශ්‍රාම වැටුප් ලබා ගැනීමට ත්‍රිවිධ හමුදාවේ සහය ලබාදුන් බව යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේය.
එමෙන්ම , දින 14 ක නිරෝධායන කටයුතු අවසන් කල තවත් 280 දෙනෙකු අද නිවෙස් වෙත පිටත් කර හරින බව ශ්‍රී ලංකා යුධ හමුදාව පවසයි.
ඔවුන් යාපනය සහ කුණ්ඩසාලේ නිරෝධායන මධ්‍යස්ථානවල සිටි අය බව යුධ හමුදාපතිවරයා සඳහන් කරයි.