දේශීය

ගොවි සහ ධීවර විශ්‍රාම වැටුප් ලබාදීම හෙටින් ඇරඹෙයි

(UTV| කොළඹ) –  ගොවි විශ්‍රාම වැටුප් සහ ධීවර විශ්‍රාම වැටුප් ලබාදීම හෙට (06) සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

තැපැල් දෙපාර්තමේන්තුව පැවසුවේ ගොවි විශ්‍රාම වැටුප් හිමි පුද්ගලයින්ගේ ලිපින බොහෝමයක් තහවුරු කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් නිවෙස් වෙතට ගොස් විශ්‍රාම වැටුප ලබාදීම ගැටළුවක් වී ඇති බවයි.

ඒ හේතුවෙන් මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ග්‍රාම සේවක වසම් මට්ටමින් තැපැල් කාර්යාල වෙත අදාළ පිරිස් කැඳවීමට තීරණය කර ඇත.

තැපැල්පති රංජිත් ආරියරත්න සදහන් කළේ , කෙසේවෙතත් හැකි සෑම ප්‍රදේශවලම ගොවි විශ්‍රාම වැටුප නිවෙස් වෙත බෙදා හැරීමට පියවර ගන්නා බවයි.

මීට අමතරව ධීවර විශ්‍රාම වැටුප් ද තැපැල් කාර්යාල හරහා හෙට දිනයේ සිට ලබාදීමට තීරණය කර ඇත.

 

 

Related posts

මෙරට කොරෝනා ආසාදිත මරණ ගණන ඉහළට [RELEASE]

Mohamed Dilsad

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි පිරිසට ඇප

Mohamed Dilsad

චම්පිකගේ රියදුරු අත්අඩංගුවට ගන්න වරෙන්තු [UPDATE]

Mohamed Dilsad

Leave a Comment