ක්‍රීඩා

කෙවින් පීටර්සන්ගෙන් IPL තරඟාවලියට යෝජනාවක්

(UTV | කොළඹ) –  ලෝ පුරා ව්‍යාප්ත වන කොරෝනා වෛරසය හේතුවෙන් කල්දමා ඇති ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය පැවැත්විය හැකි ප්‍රායෝගික ක්‍රමවේදයක් ගැන එංගලන්ත ක්‍රීඩක කෙවින් පීටර්සන් විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

ලබන මාර්තු 29 වනදා ආරම්භ වීමට නියමිතව තිබූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය අප්‍රේල් 15 වනදා දක්වා කල් දමනු ලැබූ අතර , පවතින වාතාවරණය අනුව එය අප්‍රේල් මාසය තුළ පැවැත්වීමත් අවිනිශ්චිත බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය.

මෙවර අයි.පී.එල්. තරගාවලිය ආරක්ෂිත ක්‍රීඩාංගන තුනක සීමිත අන්දමින් පැවැත්වීමේ හැකියාවක් පවතින බව කෙවින් පීටර්සන් යෝජනා කරයි.

ජූලි හෝ අගෝස්තු මාසවලදී එවැනි තරඟාවලියක් පැවැත්විය හැකි බවත් ඔහු සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් ඔහු කියා සිටින්නේ ලොව වෘත්තිමය ක්‍රිකට් ක්‍රීඩකයන්ට වැඩිම ආදායමක් ලබාදෙන අයි.පී.එල්. තරඟාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් එම ක්‍රීඩකයන් බලාපොරොත්තු තබා සිටින බවයි.

Related posts

හිමාෂ ඒෂාන් ඔලිම්පික් ශූර යොහාන් බ්ලේක් පරදවයි

Mohamed Dilsad

මෙරට ක්‍රිකට් සමාජ වෙත මුල්‍යාධාර ලබාදීමට පියවර

Mohamed Dilsad

හෙරොයින් ළග තබාගත් ක්‍රිකට් ක්‍රීඩකයා ලබන 2 වනදා තෙක් රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment