දේශීය

නිරෝධායනය අවසන් කළ 217 ක් අද සිය නිවෙස් වෙත

(UTV | කොළඹ) – නිරෝධායන කටයුතු අවසන් වූ පුද්ගලයින් 217 දෙනෙකු ද අද (06) සිය නිවෙස් වෙත යාමට නියමිතව ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය.

ඊයේ (05) දිනය වන විට නිරෝධායන කටයුතු අවසන් වී නිවෙස් වෙත ගිය සමස්ත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 3169 දෙනෙකු වන බව යුධ හමුදාපතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේය.

කෙසේ වෙතත්, යුද හමුදාපතිවරයා ඉල්ලා සිටියේ මේ වන විට නිරෝධායනයට ලක්ව නිවෙස්වලට ගොස් සිටින සහ නිවෙස්වලදී නිරෝධායනයට ලක්වූ පිරිස්වලට තවත් දින 14ක කාලයක් ස්වයං නිරෝධායනයට ලක්වන ලෙසටයි.

Related posts

කොටුව සහ මරදාන අතර දුම්රිය පීලි පැනීමක්

Mohamed Dilsad

ආණ්ඩුව ගෙදර යැවීමේ සටනට සංඝරත්නය සමග අත්වැල් බැදගන්න

Mohamed Dilsad

කොරෝනා ආසදිතයන් සංඛ්‍යාව 321 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment