දේශීය

දඹුල්ලේ රිය අනතුරකින් අඹු-සැමි යුවළක් ජීවිතක්ෂයට

(UTV | දඹුල්ල) –  අද (06) පෙරවරුවේ දඹුල්ල – හබරණ ප්‍රධාන මාර්ගයේ දඹුල්ල පැල්වෙහෙර ප්‍රදේශයේ දී  කැබ් රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් යතුරු පැදියේ ගමන් ගත් අඹු-සැමි යුවළක් ජීවිතක්ෂයට පත්ව ඇත.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බොරවැව සෙවනපිටිය ලිපිනයේ පදිංචි දෙදෙනෙකු බව පොලීසිය හඳුනාගෙන තිබේ.

යතුරුපැදිය දඹුල්ල දෙස සිට හබරණ දෙසට ධාවනය වෙමින් තිබියදී යතුරුපැදියට ඉදිරියෙන් ගිය තවත් කැබ් රථයක් වේගය පාලනය කරනවාත් සමඟ යතුරුපැදිකරු එම කැබ් රථය ඉස්සර කිරීමට යෑමේදී එම රථයේ වැදී යතුරු පැදියේ ගමන් ගත් දෙදෙනා මාර්ගයට ඇඳ වැටී ඇත.

මියගිය දෙදෙනාගේ මෘත දේහයන් දඹුල්ල රෝහලේ තැන්පත් කොට ඇති අතර පොලොන්නරුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් කැබ් රථයේ රියදුරු සැකපිට පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

 

Related posts

ලංකා සතොසට නව සභාපතිවරයෙක්

Mohamed Dilsad

කොරෝනා ආසාදිත සමස්ථ නාවික සෙබලුන් ගණන 180 ක්

Mohamed Dilsad

යෝජිත දේපොළ බද්ද 90% ක් සාමාන්‍ය ජනතාවට බලපාන්නේ නැහැ – මුදල් රාජ්‍ය ඇමති

Editor O

Leave a Comment