දේශීය

ගතවූ පැය 24 තුළ කොරෝනා රෝගීන් 10යි.

(UTV |කොළඹ) – අද පෙරවරු 10.00 න් අවසන් වූ පැය 24 තුළ කොරෝනා වෛරස් ආසාදිත රෝගීන් 10 දෙනකු හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

එසේම මෙම කාලය තුළදී රෝගය වැළඳී සුවපත් වූ රෝගීන් 05 රෝහලින් පිටව ගොස් තිබේ.

මෙරටින් වාර්තාවන මුළු රෝගීන් සංඛ්‍යාව 176කි.

එයින් 34 දෙනෙකු මේ වන විට සුවය ලබා රෝහලින් පිටව ගොස් ඇති අතර 05 දෙනෙකු මරණයට පත්ව ඇත.

දැනට රෝගීන් 137 දෙනකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

කොරෝනා බවට සැක සහිත රෝගීන් 257 දෙනකු රෝහල්ගතව සිටි.

දිස්ත්‍රික්ක මට්ටමින් වැඩිම රෝගීන් ගණනක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කනි.

එම රෝගීන් ගණන 44 කි. ඊට අමතරව පුත්තලමෙන් 32ක්, කළුතර 25ක් ගම්පහ 13ක් ලෙස රෝගීන් ව්‍යාප්ත වී ඇත.

Related posts

වීසා දඩය වැඩි කෙරේ

Mohamed Dilsad

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් වැඩි වීම ශ්‍රී ලංකාවටත් අවධානම්

Mohamed Dilsad

රඹුක්කන – කෑගල්ල මාර්ගය පැය කිහිපයකට වැසේ

Mohamed Dilsad

Leave a Comment