දේශීය

රිය අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට

(UTV |කොළඹ ) – ඇහැලියගොඩ – අවිස්සාවේල්ල මාර්ගයේ උඩුමත්ත ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයක යතුරුපැදියක් ගැටීමෙන් සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් ඇත.

අනතුරෙන් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා ඇහැලියගොඩ රෝහලට ඇතුළත් කර පසුව අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ ගැටහැත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 63හැවිරිදි අයෙක්.

අනතුර සිදුකළ ත්‍රිරෝද රථ රියදුරු පළාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සදහා ඇහැලියගොඩ පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

Related posts

සතොසේ භාණ්ඩ කිහිපයක මිල පහතට

Mohamed Dilsad

විෂ දුමාරයක් නිසා 10 දෙනෙක් රෝහලේ

Mohamed Dilsad

තවත් පාතාල වෙඩික්කරුවන් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment