දේශීය

නිරෝධායන කාලය දින 21 ක් කෙරේ

(UTV | කොළඹ) –  නිරෝධායන මධ්‍යස්ථානවලදී පුද්ගලයන් නිරෝධායනයට කෙරෙන කාල සීමාව දින 14 සිට 21 දක්වා වැඩි කෙරෙන බව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

යුද හමුදාපතිවරයා මේ බව පැවසුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

අද පෙරවරුවේත් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් 5 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර සිය නිවෙස් බලා පිටත්ව ගොස් ඇති අතර, මේ වනවිට නිරෝධායනය අවසන් කර ඇති මුළු සංඛ්‍යාව 3415 කි.

මේ අතර බණ්ඩාරගම , අටලූගම සහ මහනුවර , අකුරණ යන ප්‍රදේශ තවදුරටත් හුදකලා නගර ලෙස පවත්වාගෙන යන බවද යුද හමුදාපතිවරයා පැවසීය.

එමෙන්ම, එම ප්‍රදේශවල ජනතාවට අවශ්‍ය සියලූ කටයුතු සම්පාදනය කිරීමට ද රජය කටයුතු කරමින් සිටින බවද යුධ හමුදාපතිවරයා සඳහන් කළේය.

Related posts

අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක්

Mohamed Dilsad

ප්ලේන්ටියක මිල එකවරම දෙගුණයක් වෙයි

Mohamed Dilsad

IMF සමාලෝචන අවසන් වන තෙක් ප්‍රතිසංස්කරණවල වෙනසක් නෑ – මුදල් රාජ්‍ය ඇමති

Mohamed Dilsad

Leave a Comment