විදෙස්

ඉතාලියේ වෛද්‍යවරු 94 ක් කොරෝනා හේතුවෙන් ජීවිතක්ෂයට

(UTV | ඉතාලිය) –  කොවිඩ් 19 හේතුවෙන් ඉතාලියේ වෛද්‍යවරුන් 94 දෙනකු මියගොස් ඇති බව එරට වෛද්‍යවරුන්ගේ සංගමය අද (07) ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය පවසයි.

මෙම වෛරසය ආසාදනය වීමෙන් හෙදියන් 26 ක් ද මියගොස් ඇතැයි ඉතාලියේ හෙද සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන්කර තිබේ.

මුඛ ආවරණ, අත්වැසුම්, පෞද්ගලික ආරක්ෂණ උපකරණ, ආරක්ෂිත ඇඳුම් කට්ටල යනාදී වෛද්‍ය සැපයුම්වල හිඟය වෛද්‍යවරුන්ට, හෙදියන්ට, සෞඛ්‍ය වෘත්තිකයන්ට, රෝහල් කාර්යමණ්ඩලවල වෛරසය ආසාදනය වීමට ප්‍රධාන හේතුව යැයි ද සෞඛ්‍ය බලධාරීන් පවසයි.

Related posts

ඇමෙරිකා ආණ්ඩුවේ බදු පැනවීමේ බලපෑම, ශ්‍රී ලංකා ආර්ථිකයටත්…?

Editor O

ඇමසන් වනාන්තරයේ පැතිරෙන ගින්න පාලනයට අවශ්‍ය සම්පත් නැත – බ්‍රසීල ජනාධිපති

Mohamed Dilsad

ඇමරිකාවේ වෙසෙන ඉන්දුනීසියනුවන්ට අනතුරු ඇගවීමක්

Mohamed Dilsad

Leave a Comment