දේශීය

අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

(UTV | කොළඹ) – අමාත්‍ය මණ්ඩලයේ රැස්වීම ජනාධිපති, ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී මේ වනවිට ආරම්භ වී තිබේ.

මිට අමතරව, ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින්ගේ රැස්වීමක් අද පස්වරු 4 ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිත අතර පස්වරු 6 ට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදි පැවැත්වීමට නියමිතයි.

එහිදී කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම සම්බන්ධයෙන් වන වැඩපිලිවෙල පිළිබද සාකච්ඡා කිරීමට නියමිතයි.

Related posts

අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණ

Mohamed Dilsad

රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයන්ට ඡන්දේ දාන්න නිවාඩු ලැබෙන විදිය

Editor O

උඩරට මැණිකේ දුම්රියේ ගැටී එකම පවුලේ තිදෙනෙක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment