දේශීයවිදෙස්

කොරෝනා වෛරසයෙන් ලොව පුරා 88,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

(UTV | කොළඹ) – ලොව පුරා ජනතාවගෙන් කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 88,403 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මුළු ආසාදිතයන් සංඛ්‍යාව 15 ලක්ෂ 13,243 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මෙම පිරිසෙන් තුන්ලක්ෂ 29,739 ක් සුවය ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඊයේ දිනයේ ස්පාඤ්ඤයෙන් නව මරණ 747 ක් වාර්තාවූ අතර, ඒ අනුව එරට සමස්ත මරණ සංඛ්‍යාව 14,792 ක්.

එමෙන්ම ඊයේ දිනයේත් ඇමරිකාවේ නව මරණ 1,895 ක් වාර්තාවූ අතර, ඒ අනුව එරට සමස්ත මරණ සංඛ්‍යාව 14,736 ක්.

වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තාවන ඉතාලියෙන් ගතවූ පැය විසි හතර තුළ වාර්තාවන මරණ සංඛ්‍යාව 542 ක්. ඒ අනුව මුළු මරණ සංඛ්‍යාව 17,669 ක් දක්වා ඉහළ ගිය ගොස් තිබේ.

ප්‍රංශයෙන් නව මරණ 541 ක්  වාර්තාවී ඇති අතර, ඒ අනුව එරට සමස්ත මරණ සංඛ්‍යාව 10,869 ක්. නව ආසාදිතයන් 3,821 ක් සමඟ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව එක්ලක්ෂ 12,950 ක් වන බව විදෙස් මාධ්‍ය පවසයි.

බ්‍රිතාන්‍යයෙන් නව මරණ 938 ක් වාර්තා වන අතර ඒ අනුව එරට සමස්ත මරණ සංඛ්‍යාව 7,097 ක් දක්වා ඉහළගොස් ඇත.

අසල්වැසි ඉන්දියාවෙන් නව මරණ 18 ක් වාර්තාවී ඇති අතර, ඒ අනුව එරට සමස්ත මරණ සංඛ්‍යාව 178 ක් දක්වා ඉහළ ගියේය. නව ආසාදිතයන් 565 ක් සමඟ එරටින් වාර්තාවන මුළු ආසාදිතයන් සංඛ්‍යාව 5,916 ක්.

Related posts

ක්ෂේත්‍ර රැසක් අද වෘත්තීය ක්‍රියාමාර්ගවල

Mohamed Dilsad

අද පැයක විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

කෝටි 327 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා බාරයට

Mohamed Dilsad

Leave a Comment