දේශීය

ප්‍රදේශ දෙකක පුද්ගලයින් 67 දෙනකු නිරෝධායනය සඳහා යොමුකරයි

(UTV | රත්නපුර) –  කොරෝනා ආසාදනය වූ පුද්ගලයින් ඇසුරු කිරීම හේතුවෙන් රත්නපුර මුද්දුව හා පැල්මඩුල්ල ප්‍රදේශයේ පුද්ගලයින් 67 දෙනකු නිරෝධායනය සඳහා දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඇතුළත් කර තිබේ.

රත්නපුර මුද්දුව ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකුගේ හිතවතුන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හමුවේ ඔවුන් ඇසුරු කළ පුද්ගලයින් නිරෝධායන ක්‍රියාවලියට යොමු කිරීමට සෞඛ්‍ය අංශ ගත් තීරණය අනුව අදාළ පිරිස දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන විත් ඇති බව යුද හමුදාව ප්‍රකාශ කරයි.

ඒ අනුව දින 21 ක නිරෝධායනය සඳහා ඔවුන් යොමු කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

 

Related posts

ඉන්දියාවේ සහයෝගය ලංකාවට වාසි අයුරින්

Mohamed Dilsad

තවත් කොරෝනා රෝගීන් දෙදෙනෙක් සම්පූර්ණයෙන් සුව වෙයි

Mohamed Dilsad

රෝහිත බෝගොල්ලාගම එජාප සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

Leave a Comment