දේශීයව්‍යාපාරික

උඩරට සහ පහතරට තේ සඳහා වාර්තාගත මිලක්

(UTV | කොළඹ) –  පවතින අවධානමත් සමග සති කිහිපයකට පසු කොළඹ දි ඊයේ (08) පැවැත්වු තේ වෙන්දේසියේදි උඩරට සහ පහතරට තේ සඳහා වාර්තාගත මිලක් ලැබී ඇත.

ඒ අනුව, වතු අධිකාරීවරුන් පැවසුවේ උඩරට සහ පහතරට තේ කිලෝවක් සදහා රුපියල් 700 ක මිලක් ලැබුණු බවයි.

මෙම මිල අවසන් වරට පැවති තේ වෙන්දේසියේදී තේ කිලෝවක් සදහා ලැබුණු මිලට වඩා වඩා රුපියල් සියයක පමණ වැඩිවීමක්.

මධ්‍යම කදුකරයට පුරා මාස හතරක් තිස්සේ පවතින දැඩි වියළි කාලගුණයත් සමග තේ ඵලදාව සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු විය.

කොවිඞ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග ලෝක වෙලදපොලේ ශ්‍රී ලංකාවේ තේ සදහා ඉහල ඉල්ලුමක් නිර්මාණය වී තිබෙන අතර, මේ දිනවල විදේශිකයන්ද තේ පානයට වැඩි වශයෙන් නැඹුරු වී ඇත.

Related posts

උපකාරක පන්ති ආරඹන දිනය සංශෝදනය කරයි [RELEASE]

Mohamed Dilsad

ඇෆ්ලටොක්සීන් අඩංගුදැයි කියපු පොල්තෙල් සාම්පල් 30 ක ප්‍රතිඵල අවුරුදු නිවාඩුවෙන් පසු

Mohamed Dilsad

මහජන දිනයේ ජනතාවට සිදුවන අපහසුතා ගැන පැමිණිලි කරන්නැයි දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment