(UTV | කොළඹ) – රට තුළ පවතින තත්ත්වය හමුවේ බොහෝ දෙනෙකුට බැංකු වලින් ලබා ගෙන ඇති ණය ගෙවීමට නොහැකි තත්ත්වයක් මතුව තිබේ.
මේ පිළිබඳව සලකා බලා ශ්‍රී ලංකා මහ බැංකුව යම් පිළියමක් ඒ සඳහා යොදා ඇත.
ඒ අනුව බැංකු හා මූල්‍ය ආයතන මඟින් ලබාගෙන තිබෙන ණය පහසුකම් ඉදිරි මාසය තුළ කපාහැරීම අත්හිටුවීමට අවශ්‍යනම්, ඒ පිළිබඳව අප්‍රේල් මස 30ට පෙර තමන් ණය ලබාගත් බැංකු වෙත දැනුම් දිය යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න මහතා මේ බව සඳහන් කරයි.