දේශීය

කොරෝනා මැඬලීමට ඇමරිකාවෙන් ඩොලර් මිලියන1.3ක පරිත්‍යාගයක්

(UTV | කොළඹ) – මෙරට කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ කටයුතු සඳහා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 1.3 ක මුදලක් පරිත්‍යාගය කර තිබේ.

දුෂ්කර අවස්ථාවක මිතුරු රටක් වෙත සහයෝගීතාව පළ කිරීමේ පියවරක් වශයෙන් මෙම පරිත්‍යාගය සිදුකරන බව කොළඹ එක්සත් ජනපද කාර්යාලය අවධාරණය කළේය.

එක්සත් ජනපද තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ මෙම මූල්‍යාධාරය මගින් මෙරට සෞඛ්‍ය සේවකයන්ගේ ආරක්ෂාව ද වැඩි දියුණු කළ හැකි වනු ඇති බවයි.

Related posts

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් වෙනුවෙන් කිසිදු පක්ෂයකට මුදල් දුන්නේ නැහැ – නිව් රත්න සහල් අධිපති ලංකේෂ්වර මිත්‍රපාල

Editor O

පාසැල් දරුවන් ප්‍රවාහනය කරන රියදුරන්ටත් දීමනාවක්

Mohamed Dilsad

තවත් කොරෝනා ආසාදිතයින් සිව්දෙනෙක් සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment