දේශීය

සියලු ඖෂධ අලෙවිසැල් අද සිට විවෘතව තැබීමට අවසර

(UTV | කොළඹ) – අද (10) සිට සියලු ඖෂධ අලෙවිසැල් උදෑසන 9.00 සිට සවස 5.00 දක්වා විවෘතව තැබිමට අවසර දී තිබේ.

අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ කොරෝනා අවදානම් කලාප වල ජනතාවට සිය ඖෂධ ලබා ගැනීම සඳහා ප්‍රවාහන පහසුකම් ලබාදීමට පියවර ගන්නා බවයි.

එම කටයුතු ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ ශ්‍රී ලංකා යුද හමුදාව ඒකාබද්ධව සිදුකරනු ඇති බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියා සඳහන් කරයි.

ඒ අනුව ග්‍රාම නිලධාරීන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් ඒ ඒ ප්‍රදේශවල ජනතාවගේ ඖෂධ අවශ්‍යතා හඳුනාගෙන ඊට අනුකූලව ප්‍රවාහන පහසුකම් සැපයෙනු ඇති.

 

Related posts

මෙරටදී PCR පරීක්ෂණ සංඛ්‍යාව 85,000 ඉක්මවයි

Mohamed Dilsad

කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට තවත් පරිත්‍යාගයක්

Mohamed Dilsad

මෛත්‍රී මීළඟ ජනාධිපතිවරණයට

Mohamed Dilsad

Leave a Comment