දේශීය

මෙරට මුහුදු සීමාවල ආරක්ෂාව තර කිරීමට පියවර

(UTV | කොළඹ) – මෙරට මුහුදු සීමාවල ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බව නාවික හමුදාපති අද්මිරාල් පියල් ද සිල්වා මහතා පවසයි.

ඒ ඉන්දියාව තුළ කොරෝනා ආසාදිතයින් ඉහළ යාමත් සමඟයි.

ඔහු සඳහන් කළේ මේ සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ද සහය හිමිව ඇති බවයි.

දකුණු ඉන්දියාවේ සිට ධීවර කටයුතු බව පවසමින් පුද්ගලයින් මෙරටට ඇතුළු වීමේ වැඩි ඉඩකඩක් පවතින බවත් පැය 24 පුරාම යාත්‍රා සංඛ්‍යාව ඉහළ නංවමින් ආරක්ෂක කටයුතු තර කිරීමට පියවර ගෙන ඇති බවත් නාවික හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසුවේය.

Related posts

කබ්රාල් මුදල් කාරක සභාව හමුවට

Mohamed Dilsad

රන්ජන්ගේ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

කොරියාවේ සිටින ශ්‍රමිකයන්ට පොදුසමා කාලයක්

Mohamed Dilsad

Leave a Comment