දේශීය

මාළු තොග මිලදී ගැනීමට රජයෙන් රුපියල් මිලියන 600 ක්

(UTV | කොළඹ) –  ධීවර ජනතාවත් පාරිභෝගික ජනතාවත් අපහසුතාවයට ලක් වීම වැළැක්වීම සදහා ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයින්ගේ මාළු තොග කඩිනමින් මිලදී ගැනීම සදහා රුපියල් මිලියන 600 ක මුදලක් වෙන් කිරීමට රජය පියවරගෙන තිබේ.

පසුගිය දා පැවැති පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රී කණ්ඩායම් රැුස්වීමේ දී මෙම තීරණය ගෙන ඇත.

කොරෝනා හමුවේ තත්වය අනාගතයේ ලෝකයේ ඇති විය හැකි තත්ත්වය අවබෝධ කරගනිමින් දේශීය කර්මාන්ත රැුක ගැනීමටත් රටට අවශ්‍ය සහල්, එළවළු පළතුරු මෙන්ම මත්ස්‍ය නිෂ්පාදනය ද රට තුළම නිෂ්පාදනය කරගැනීමටත් පියවර ගතයුතුව ඇතැයි එහිදී  අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සදහන් කළේය.

බහුදින ධීවර යාත‍්‍රාවලින් රැගෙන එන මතස්‍ය තොග සෞඛ්‍ය අංශ උපදෙස් අනුගමනය කරමින් ඉතා ඉක්මනින් මිලදී ගැනීම තුලින් දිවයින පුරා ජනතාවට හිගයකින් තොරව අවශ්‍ය මාළු ප‍්‍රමාණය ලබා දීමටත් ක‍්‍රමාණුකූල වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරන බව අග‍්‍රාමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේය.

 

Related posts

අද තවත් ආසාදිතයින් 320 ක්

Mohamed Dilsad

විදේශ දූත මණ්ඩල කොවිඩ් අරමුදලට දායක වෙයි

Mohamed Dilsad

රංජන්ට අද සවස අලුත් තනතුරක්

Mohamed Dilsad

Leave a Comment