දේශීය

හදිසියේ හටගත් ගින්නකින් පියා සහ දියණිය මරුට

(UTV |කොළඹ ) – බලංගොඩ පොලිස් වසමේ ගල්ගොඩ හංදිය රුක්අත්තන මාර්ගයේ පන්සල අසල ඇති වෙළඳසැලක ඇති වූ හදිසි ගින්නකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

ගින්න හට ගත් එම වෙළඳසැළ තුළ කොටසක පදිංචිව සිටි එකම පවුලේ පිය සහ දියණිය මෙලෙස මියගොස් ඇති බව වාර්තා වෙයි.

මෙම ගින්නෙන් එම පවුලේ මව සහ පුතාගේ දිවි බේරා ගෙන ඇති අතර ඔවුන් බලංගොඩ රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ලබයි.

පොලීසිය පවසන ආකාරයට අද (11) අළුයම 3.00 ත් 3.30 අතර කාලයේදී මෙම ගින්න හට ගෙන තිබේ.

Related posts

අන්තවාදී මත පැතිරවූ තවත් දෙදෙනෙක් TID අත්අඩංගුවට

Mohamed Dilsad

ගුවන් යානයක් කඩා වැටේ

Editor O

රාජා කොල්ලුරේ අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment