දේශීය

මත්පෙති තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

(UTV |කොළඹ ) – හඳුනා නොගත් මත්පෙති තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු මාතර කොට්ඨාශ දූෂණ මර්දන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

උපාය දූතයන් යොදවා ඊයේ පස්වරුවේ වල්ගම ප්‍රදේශයේදී මෙම මෙහෙයුම සිදුකර ඇති අතර, එහිදී මත්පෙති 600ක් පමණ සොයා ගත් බව පොලීසිය පවසයි.

දීර්ඝ කාලයක් තිස්සේ මොවුන් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇති බවට තොරතුරු ලැබී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැලිගම – දෙනිපිටිය සහ මාතර – කනත්තගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

Related posts

ට්‍රම්ප්ගේ තීරු බදු ගැටළුවෙන් ශ්‍රී ලංකාවට ගොඩ යන්න පුළුවන්ද,..? හර්ෂද සිල්වාගෙන් පැහැදිලි කිරීමක්

Editor O

රේගුවේ නීති තඹයකට නොතැකූ නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂවරියක් ඇතුළු 04කගේ වැඩ තහනම්

Editor O

කොරෝනා අවධානම තුරන් කිරීමට රට පුරා පිරිත් දේශනාවක්

Mohamed Dilsad

Leave a Comment