දේශීය

පොලිස් නිලධාරීන්ට විශේෂ ත්‍යාග මුදලක්

(UTV |කොළඹ ) – ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීමට ජීවිත අවදානම නොසලකා දැඩි කැපවීමෙන් කළ මෙහෙවර උදෙසා පොලිස් නිලධාරීන්ට විශේෂ ත්‍යාග මුදලක් පිරි නැමීමට තීරණය කර තිබේ.

2020.03.11 වන දින සිට 2020.04.10 වන දින දක්වා දැඩි කැපවීමෙන් තම රාජකාරිය නොපිරිහෙලා ඉටු කරමින් ශ්‍රී ලංකා පොලීසියේ කීර්ති නාමය ඔප්නැංවීමට මෙම පිරිස ක්‍රියා කිරීම හේතුවෙන් මෙම ත්‍යාගය ලබා දීමට තීරණය වී ඇත.

පොලිස්පතිවරයා විසින් අනුමත කර එම මුදල් ගෙවීම සඳහා පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත අවශ්‍ය උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව , ප්‍රධාන පොලිස් පරීක්ෂක සහ එයට පහළ තනතුරුවල එක් එක් නිලධරයාට පොලිස් ත්‍යාග අරමුදලින් රුපියල් 5000 ක් බැගින් ‍මුදල් ත්‍යාගයක් ලෙස පිරිනැමීමට නියමිතයි.

Related posts

අද පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් – කාලසටහන නිකුත් කෙරේ

Mohamed Dilsad

පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසියි. රවී කරුණානායක ඉදිරිපත් කළ යෝජනාව ඒකමතිකව සම්මතයි.

Editor O

විපක්ෂයේ පොදු සන්ධානය පුළුල් කිරීමට සජබ මන්ත්‍රී කණ්ඩායමේ අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment