දේශීයප්‍රමුඛ පුවත 1

පාස්කු ඉරිදා දිනය අදයි

(UTV |කොළඹ )  –  ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණීන් උට්ඨානය ලැබීම හෙවත් පාස්කු ඉරිදා දිනය අද (12) සැමරේ.

අද දින අනුස්මරණ කෙරෙන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මරණය සහ උට්ඨානය හෙවත් මරණයෙන් නැගී සිටීම සිහි කිරීමය.

දින 40ක චතාරික සමය ගෙවන කිතුණු බැතිමතුන් උපවාසයේ නිරත වෙමින් ආගමික වතාවත්වල යෙදෙමින් සිට අද මෙම මංගල්‍යයට එක් වෙයි.

මෙවර පාස්කු මංගල්‍ය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත්තේ පාස්කු දින මංගල්‍ය මේ රටේ කිතුනු බැතිමතුන්ගේ‍ සොඳුරු  ආගමික මතකයක් බවයි.

එහෙත් පසුගිය වසරේ  මෙම දිනය ඉතා වේදනාත්මක එකක් බවට පත්වු බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

අදටත් එහි කම්පනය මැකී ගොස් නැති බවත් රජයේ කැපවීම වේදනාවට පත් ජනතාවට සාධාරණය ඉටු කිරීම බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

එසේම එවන් සිදුවීම් මාතෘ භූමියෙන් තුරන් කිරීමට ද රජයේ දැඩිව වග වී සිටින බවද ජනාධිපතිවරයා විසින් නිකුත් කළ පාස්කු දින පණිවිඩයේ සඳහන් වෙයි.

ජේසුස් වහන්සේගේ දේශනා සිහි කරමින් මනුෂ්‍යයා පාපයෙන් මුදා ගැනීමට සියලු දෙනාට හැකි වේවා යැයි ජනාධිපතිවරයා ප්‍රාර්ථනා කර සිටියි.

Related posts

ළමයි 50ට වඩා අඩු ප්‍රාථමික පාසල් 1557ක් වහන සැලැස්මක් ගැන ලංකා ගුරු සංගමයෙන් අනාවරණයක්

Editor O

ඖෂධ අලෙවිහල් නියාමනය කිරීම කාලීන අවශ්‍යතාවයක් – සුව ඇමති

Mohamed Dilsad

බොරතෙල් නෞකාවෙන් තෙල් කාන්දුවීමට කිසිඳු ඉඩක් නෑ- නාවික හමුදාව

Mohamed Dilsad

Leave a Comment