දේශීයව්‍යාපාරික

පාම් තෙල් ඇතුළු තෙල් වර්ග කිහිපයක ආනයන බදු ඉහළට

(UTV | කොළඹ) – පාම් තෙල් ආනයනයේදි පණවා තිබූ බද්ද රුපියල් 100 කින් ඉහළ දමා තිබේ.

ඊට අදාළ ගැසට් නිවේදනය මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් නිකුත් කර ඇත.

ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ පසුගිය සිකුරාදා සිට පාම් තෙල් ආනයනයේදී කිලෝවකට රුපියල් 300 ක බද්දක් අය කෙරෙන බවයි.

මීට අමතරව ආහාර සැකසුම් සඳහා යොදාගන්නා තෙල් වර්ග කිහිපයකද බදු මුදල් සංශෝධනය කර තිබේ.

ඒ අනුව සෝයා තෙල් සහ සූරියකාන්ත තෙල් තොග වශයෙන් ආනයනයේදී දැනට පවතින බද්ද කිලෝග්‍රෑමයකට රුපියල් 275 ක් ලෙස සංශෝධනය කරයි.

Related posts

මැතිවරණ කොමිෂන් සභාව හෙට රැස්වේ

Mohamed Dilsad

වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීමක්

Mohamed Dilsad

ගෑස් බෙදා හැරීම යථා තත්ත්වයට

Mohamed Dilsad

Leave a Comment