දේශීය

අධ්‍යාපන පුහුණුවකට බෙලරුසියාවට ගිය ලාංකික හෙද පිරිසක් සිරවෙයි

(UTV | කොළඹ) –  අධ්‍යාපන පුහුණුවකට බෙලරුසියාවට ගොස් පුහුණුව අවසන් කළ ශ්‍රී ලාංකික හෙද නිළධාරීන් 06 දෙනෙකු කොරෝනා වෛරස අවධානම හමුවේ එරටින් පිටවීමට නොහැකිව රැදී සිටින බව සමස්ත ලංකා හෙද සංගමය සඳහන් කරයි.

මෙම පිරිස මාර්තු 25 වනදා පැමිණීමට නියමිතව තිබූ බවත් නමුත් බෙලරුසියාවේ ප්‍රධාන ගුවන් තොටුපොළ වසා දැමීම හේතුවෙන් එම පිරිසට නැවත පැමිණීමට නොහැකිව අසීරුතාවයන්ට මුහුණ දීමට සිදුවූ බවත් මෙම සංගමය පවසයි.

එහි ලේකම් එච්. එස්. එම්. බී මැදිවත්ත මහතා පැවසුවේ අදාල හෙද නිළධාරින් 06 දෙනා මෙරටට ගෙන්වා ගැනීම සදහා මැදිහත් වන්නැයි තම සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලිමක් කරන බවයි.

Related posts

අද සිට අළුයම් කාලයේ දී උල්කා වර්ෂාවක්

Mohamed Dilsad

මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවක වර්ජනයක්

Mohamed Dilsad

ජනපතිගෙන් තවත් කමිටුවක්

Mohamed Dilsad

Leave a Comment