දේශීයව්‍යාපාරික

එළවළු සහ පළතුරු මිලදි ගැනීමේ දෙවන අදියර අදින් ඇරඹේ

(UTV | කොළඹ) –  ගොවීන්ගෙන් එළවළු හා පළතුරු මිලදී ගැනිමේ වැඩසටහනේ දෙවන අධියර අදින් ආරම්භ වන අතර , අද සහ හෙට යන දිනයන් හීදි එය පැවැත්වෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

අදාළ වැඩසටහන අනුරාධපුර , බදුල්ල , රත්නපුර , හම්බන්තොට දිස්ත්‍රික්ක කේන්ද්‍රකර ගනිමින් ක්‍රියාත්මක වන අතර , අතරමැදියන්ගේ ග්‍රහණයෙන් තොරව සෘජුව ගොවියාවට ප්‍රතිලාභ හිමිවන පරිදි ජනාධිපති කාර්ය සාධන බලකායේ මැදිහත්වීමෙන් මෙය ක්‍රියාත්මක වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙම ක්‍රියාදාමය ඇඹිලිපිටිය , ලුණුගම්වෙහෙර , අම්බලන්තොට, අගුණකොලපැලැස්ස හා සූරියවැව යන ප්‍රදේශයන්වලට ද බලාත්මකව පවතියි.

Related posts

සෞඛ්‍ය කාර්ය මණ්ඩල සුරක්ෂිතතාවයට විශේෂ වැඩපිළිවෙළක්

Mohamed Dilsad

ලෝ පුරා කොරෝනා ආසාදිතයන්ගෙන් ලක්ෂ 7 ක් සුව අතට

Mohamed Dilsad

මර්ධනය තුළින් රට පාලනය කරන්න, ආණ්ඩුව උත්සාහ කරනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

Editor O

Leave a Comment