දේශීය

මගී ගුවන් ගමන් අත්හිටුවීමේ කාල සීමාව දීර්ඝ කෙරේ

(UTV |කොළඹ ) – ලබන 30 වැනිදා දක්වා මගී ගුවන් ගමන් අත්හිටුවීමේ කාල සීමාව දීර්ඝ කරන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.

ලොව සෙසු රටවල් පැන වූ ගුවන් ගමන් සීමා මෙතෙක් ඉවත් නොකිරීම ඊට හේතුවයි.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කළේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් ගමන් අඛණ්ඩව සිදු කෙරෙන බවයි.

මීට අමතරව අවශ්‍යතාව මත විශේෂ ගුවන් ගමන් ද ක්‍රියාත්මක කෙරෙනු ඇති අතර පවතින ගැටලු දැනුම් දීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය විශේෂ දුරකතන අංකයක් ද හඳුන්වා දී තිබේ.

011 7 771 979 යන අංකය ඇමතීමෙන් අදාළ ගැටලු දැනුම් දිය හැකිය.

Related posts

මාතර ශිෂ්‍යත්ව අපේක්ෂකයින්ට දැනුම්දීමක්

Mohamed Dilsad

ජවිපෙ පක්ෂ අරමුදලට ගත් වැටුප ආපසු ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නඩු පවරයි…!

Editor O

අසේල සම්පත් CID අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment