දේශීයප්‍රමුඛ පුවත 1

දිස්ත්‍රික්ක කිහිපයක ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට

(UTV |COVID -19) – වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප නම් කර ඇති ප්‍රදේශ හැරුණු විට සෙසු සියලු දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය අද (16) පෙරවරු 6.00 ට ඉවත් කර සවස 4.00ට යළි පනවනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම දිස්ත්‍රික්කවලට සවස 4.00 ට යළි පැනවෙන ඇඳිරී නීතිය අප්‍රේල් 20 වන සඳුදා පෙ.ව 6.00 තෙක් බලපැවැත් වෙයි.

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී.

20 වනදා උදේ 6.00න් පසු ඇඳිරි නීතිය ක්‍රියාත්මකවීම පිළිබඳව පසුව දැනුම් දෙනු ලැබෙන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

Related posts

ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්මවු වැසි

Mohamed Dilsad

විපක්‍ෂ නායක ලේකම් ධුරයෙහි වැඩ බැලිම හර්ෂ විජේවර්ධනට..

Mohamed Dilsad

නව රජය අපහසුතාවයට පත් කිරීමට පිරිසක් කටයුතු කරනවා [VIDEO]

Mohamed Dilsad

Leave a Comment