දේශීය

මතට ඇබ්බැහිවූවන්ට දුරකථනයෙන් උපදේශන සේවාවක්

(UTV |කොළඹ ) – ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය පාලනය හා නිවාරණය සම්බන්ධයෙන් කටයුතු කරන ජාතික ආයතනය වශයෙන් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මෙම තත්ත්වයට මැදිහත්වීම සම්බන්ධයෙන් සුවිශේෂි වැඩසටහනක් දිවයිනේ සියළුම ප්‍රදේශ ආවරණය කරමින් පැය 24 පුරාම ක්‍රියාත්මක දුරකථන මාර්ගක උපදේශන සේවාවක් ආරම්භ කර ඇත.

වර්තමානයේ රටතුල උද්ගතව පවතින කොවිඩ් 19 ගෝලීය වසංගතමය තත්ත්වය සමඟ දිර්ඝ කාලිනව මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින පුද්ගලයින් සිය දෛනික මත්ද්‍රව්‍ය අවශ්‍යතාවයන් සපුරා ගැනීමට නොහැකි වීම තුළින් විවිධ කායික හා මානසික අපහසුතාවයන්ට මුහුණු දෙමින් සිටින අතර, ඔවුන් වෛරසය ආසාදනය සම්බන්ධයෙන්ද ආවදානම් කණ්ඩායමක් බවට මොවුන් පත්ව සිටියි.

ඒ සඳහා උපදේශන නිලධාරින් 53කින් යුත් කණ්ඩායමක් උපදේශනය සඳහා අනුයුක්ත කර ඇති අතර, ඒ සඳහා 071 0301301 දුරකථන අංකය ඔවුන්ගේ ගැටළු ඉදිරිපත් කිරීම සඳහා විවෘත කර තිබේ.

Related posts

ශ්‍රි ලංකික ශ්‍රමිකයින් පිරිසක් අදත් දිවයිනට

Mohamed Dilsad

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ප්‍රබල අකුණු සමග තද වැසි

Mohamed Dilsad

විදේශයන්හි සිට එන ලාංකිකයන් නිරෝධායන වන දින ගණන අඩු කරයි

Mohamed Dilsad

Leave a Comment