දේශීය

විදෙස්වල සිටින ලාංකිකයන්ට අවශ්‍ය ප්‍රතිපාදන ලබාදෙන ලෙසට භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක්

(UTV | කෝවිඩ්-19) –  කොරෝනා වසංගත තත්ත්වය හමුවේ විදෙස්ගතව සිටින සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ ඉහළ යමින් පවතින අවශ්‍යතා සපුරාලීම සඳහා වියළි සලාක බෙදා හැරීම වැඩිකිරීමට අමතර ප්‍රතිපාදන ලබාදෙන ලෙස විදේශ අමාත්‍යාංශය මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කරයි.

පවතින තත්ත්වය හමුවේ ගුවන් තොටුපළ වසා දමා ඇති බැවින් ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමට නොහැකිව සිටින සංක්‍රමණිකයින් මුහුණ දෙන ක්ෂණික දුෂ්කරතා මඟහරවා ගැනීමට එය උපකාරී වන බව විදේශ අමාත්‍යංශය පෙන්වා දෙයි.

මේ සම්බන්ධ සාකච්ඡාවක් විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකර ඇත.

මැදපෙරදිග ශ්‍රී ලංකා දූත මණ්ඩල හා කොන්සල් කාර්යාලවල තානාපතිවරුන් සමඟ වීඩියෝ සාකච්ඡාවක් ලෙස එය පවත්වා තිබූ අතර වර්තමාන අර්බුදය සම්බන්ධ පොදු කරුණු සහ අනෙකුත් පැතිකඩ පිළිබඳ එහිදී සාකච්ඡා කර තිබේ.

ඉහළ යමින් පවතින විරැකියාව, කොන්ත්‍රාත්තු අහිමිවීම, රැකියා බලපත් දීර්ඝ නොකිරීම සහ තාවකාලික නිදහස් රැකියා නතර කිරීම වැනි ගැටලු පිළිබඳ සාකච්ඡා ආරම්භ කරන ලෙස ශ්‍රී ලංකා දූත මණ්ඩලවලට උපදෙස් දුන් බව ද විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි.

Related posts

රාජිත අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි නියෝග

Mohamed Dilsad

පීඩාවට පත් සංචාරක හෝටල්වල විදුලි බිල් සඳහා සහනයක්

Mohamed Dilsad

නලින් ප්‍රනාන්දුගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

Editor O

Leave a Comment