දේශීය

කොරෝනා හේතුවෙන් රටපුරා බේකරි වැසී යයි

(UTV |කොළඹ ) – සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසන ආකාරයට කොරෝනා වයිරසය පැතිර යෑමත් සමඟ ඇති වූ තත්වය හේතුවෙන් රටපුරා පිහිටි බේකරි 7000 කින් 6000 ක් පමණ වැසී ඇත.

එමඟින් සේවකයින් ලක්ෂයකගේ පමණ රැකියා අහිමිවී ඇති බව සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන ප්‍රකාශ කළේය.

මෙම බේකරි වල සේවකයින් මෙන්ම ඔවුන්ගේ යැපෙන්නන්ද මේ වන විට දැඩි අපහසුතාවයකට ලක්ව ඇති බැවින් මෙම සේවකයින්ට කිසියම් සහනයක් සලසා දීමට මැදිහත් වන ලෙස ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කර තිබේ.

කෙසේවෙතත් මේ වනතෙක් එම සේවකයින්ට කිසිඳු සහනාධාරයක් හෝ ලැබී නොමැති අතර දැනට දැඩි දුෂ්කරතා මධ්‍යයේ පාන් නිෂ්පාදනය කරන බේකරි වල නිෂ්පාදනය වන්නේද සියයට 10 ක් පමණ වු පාන් ඇතුළු බේකරි නිෂ්පාදන බවද සභාපතිවරයා පෙන්වා දුන්නේය.

Related posts

ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩ අරඹයි

Mohamed Dilsad

කොවිඩ් වලින් මිය යන පුද්ගලයින්ගේ දේහ සම්බන්ධයෙන් දුන් තීන්දුව

Mohamed Dilsad

වැස්ස එක්ක ඩෙංගු පැතිරීම තීව්‍ර වෙයි

Mohamed Dilsad

Leave a Comment