දේශීය

එජාප නායකයාගෙන් ඇමරිකානු ජනාධිපතිට ලිපියක් [LETTER]

(UTV | කොළඹ) – එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ලිපියක් යොමුකර තිබේ.

ඇමරිකාව විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයට එරෙහිව එල්ල කර ඇති චෝදනා බරපතල වන අතර, ඒ පිළිබඳව විමර්ශන කළ යුතු බව එම ලිපියෙන් ඔහු සඳහන් කර ඇත.

ඉදිරි මාසවලදී ජාත්‍යන්තර සෞඛ්‍ය සහ ආරක්ෂාව පිළිබඳ ගැටළුවලට ගෝලීය නායකත්වය සැපයීමට වෙනත් බහුපාර්ශවීය සංවිධානයක් නොමැති බැවින් මෙම අවස්ථාවේදී ලෝක සෞඛ්‍ය සංවිධානය තම ක්‍රියාකාරී වැඩපිලිවෙල අඛණ්ඩව පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බවත් අදාළ ලිපියෙහි අවධාරණය කර තිබේ.

කොරෝනා වෛරසය නිසිලෙස කළමනාකරණය කර ගැනීමට නොහැකි වූ බවට ලෝක සෞඛ්‍ය සංවිධානයට චෝදනා කරමින් අරමුදල් ලබාදීම අත්හිටුවීමට ඇමරිකානු ජනාධිපතිවරයා ගත් තීරණයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අරමුදල් ලබන ශ්‍රී ලංකාව වැනි රටවලට අහිතකර ලෙස බලපෑම් ඇතිවන බව ද රනිල් වික්‍රමසිංහ මහතා එම ලිපියෙන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

අදාළ ලිපිය පහතින්,

Image may contain: text

Related posts

වැඩියෙන් ගාස්තු අය කරන බස්රථ ගැන 1955 ට හෝ 0712595555 වට්ස් ඇප් අංකයට පැමිණිලි කරන්න

Editor O

කොරෝනා වෛරසය පිළිබඳ හදිසි ගෝලිය තත්ත්වයක් ප්‍රකාශයට

Mohamed Dilsad

බදුල්ල දිස්ත්‍රික්කයේ සියලු දුම්රිය ස්ථානවල වර්ෂාමාන සවිකෙරේ

Mohamed Dilsad

Leave a Comment