දේශීයවිදෙස්

ලොව පුරා කොරෝනා මරණ එක් ලක්‍ෂ 45,000 ඉක්මවයි

 

කොරෝනා වෛරසයෙන් වැඩිම පීඩාවට ලක්වූ රට වන ඇමරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 මරණ සංඛ්‍යාව මේ වන විට 34,617 දක්වා ඉහළ ගොස් තිබේ. එරට මුළු ආසාදිත සංඛ්‍යාව හයලක්ෂ 77,570ක්.

ඇමරිකා එක්සත් ජනපදයේ ගත වූ පැය 24 තුළ නව කොරෝනා මරණ 4491 ක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

එය කොරෝනා වෛරස් ගෝලීය වසංගතය ආරම්භ වීමෙන් පසු ලොව  ඕනෑම රටකින් දිනකදී වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව බවද එම වාර්තාවල සඳහන් වේ.

ඉන්දියාවෙන් මේ වනවිට කොරෝනා රෝගීන් 13,430 ක් වාර්තා වන අතර , ඉන් 1,060 දෙනෙකුම වාර්තා වන්නේ ගත වූ පැය 24 තුළයි.

එරටින් වාර්තා වන කොරෝනා මරණ ගණන 448 ක්.

Related posts

රට තුළ පිළිකා රෝග ව්‍යාප්තියේ වැඩිවීමක්

Mohamed Dilsad

හෙට පාර්ලිමේන්තු ගැලරිය විදෙස් අමුත්තන්ට පමණයි

Mohamed Dilsad

පිටරට සිට එන අයට භාණ්ඩ රැගෙන ඒමට ආනයන සීමා බාධාවක් නොවෙයි

Mohamed Dilsad

Leave a Comment