දේශීය

කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාර පැතිරවූ කාන්තාවක් අත්අඩංගුවට

(UTV | කෝවිඩ් -19) – කොරෝනා වසංගතය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පළ කරන ලද කාන්තාවක්අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් 50 හැවිරිදි අදාළ කාන්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

ඇය නාල්ල දිවුල්දෙණිය ප්‍රදේශයේ පදිංචි අයෙකි.

ඒ අනුව අදාළ චෝදනාව සම්බන්ධයෙන් මේ දක්වා කාන්තාවන් දෙදෙනකු ඇතුළු සැකකරුවන් 17 ක් අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

ප්‍රවීන රංගන ශිල්පී දයා තෙන්නකෝන් දැයෙන් සමුගනී

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගි වන විශේෂ මාධ්‍ය සාකච්ඡාව

Mohamed Dilsad

කටුනායක අපනයන සැකසුම් කළාපයේ සේවකයින් නිවෙස් වෙතට

Mohamed Dilsad

Leave a Comment