දේශීය

චීනයෙන් PCR පරීක්ෂණ කට්ටල ඇතුළු වෛද්‍ය සැපයුම් දිවයිනට

(UTV | කෝවිඩ් -19) – ශ්‍රී ලංකාවට චීන රජයෙන් පරිත්‍යාග කළ ඇමරිකානු ඩොලර් 693,191ක් වටිනා පී.සී.ආර් පරීක්ෂණ කට්ටල සහ තවත් වෛද්‍ය සැපයුම් තොගයක් රැගත් ගුවන් යානය දිවයිනට ළඟා වී තිබේ.

මෙම සැපයුම් තොගයට පී.සී.ආර් පරීක්ෂණ කට්ටල 20016ක් ඇතුලත් වෙයි.

සෞඛ්‍ය සේවකයන් භාවිත කරන ආරක්ෂිත මුහුණු ආවරණ 10000ක්, ශල්‍ය මුහුණු ආවරණ 100000ක්, භාවිතයෙන් පසු ඉවත් කළ හැකි ආරක්ෂිත ඇඳුම් 10000ක් මෙන්ම සෞඛ්‍ය සේවකයන් භාවිත කරන ඇස් ආවරණ කට්ටල 1000ක් මෙම ආධාර අතර වේ.

තවද එක්වරක් පමණක් භාවිත කරන ශල්‍ය අත්වැසුම් 50000ක් ද ඊට අයත් වන අතර මීට පෙර චීනයෙන් ශ්‍රී ලංකාවට පී.සී.ආර් කට්ටල 20064ක් පරිත්‍යාග කර තිබුණි.

Related posts

ආර්ථිකය මේ වන විට යම්කිසි ස්ථාවර මට්ටමක පවතිනවා – මහ බැංකු අධිපති

Mohamed Dilsad

බැසිල්ගේ IMF කතාවට කබ්රාල්ගෙන් පිළිතුරක්

Mohamed Dilsad

රට විවෘත කිරීම ගැන තීරණය අද

Mohamed Dilsad

Leave a Comment