දේශීය

ග්‍රාම නිලධාරීන්ගේ සංගමය ගත් ක්‍රියාමාර්ගය අත්හැර දමයි

(UTV| කෝවිඩ් -19) – අඩු ආදායම්ලාභීන්ට රුපියල් 5000 ක දීමනාව ලබාදීමේ රාජකාරීවලින් ඉවත්වීමට ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමය ගත් ක්‍රියාමාර්ගය අත්හැර දැමීමට එම සංගමය තීරණය කර ඇත.

ඒ අද පස්වරුවේ බැසිල් රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

චක්‍රලේඛ සම්බන්ධ ගැටළුවක් මුල්කරගනිමින් ඔවුන් රාජකාරීවලින් ඉවත්වීමට තීරණය කරනු ලැබීය.

මේ අනුව ග්‍රාම නිලධාරීවරුන් හෙට සිට සුපුරුදු පරිදි අදාළ රාජකාරීවල නිරතවනු ඇත.

Related posts

සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 120 ඉක්මවයි

Mohamed Dilsad

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද ජල සැපයුම අත්හිටුවයි

Mohamed Dilsad

හොරු ලෙස හැඳින්වූ අය සමග එකතුවෙලා, පළාත් පාලන ආයතනවල, මාලිමාව තනතුරු අරගෙන

Editor O

Leave a Comment