දේශීය

සියලූ දිස්ත්‍රික් ලේකම්වරුන් සඳුදා කොළඹට

(UTV |කොළඹ ) – ලබන සඳුදා (20) දිනයේදී සියලූ දිස්ත්‍රික් ලේකම්වරුන් ජනාධිපති කාර්යාලයට කැඳවා තිබේ.

එහිදී රට තුළ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව සමාලෝචනයක යෙදීමට නියමිත බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි සඳහන් කළේය.

අනතුරුව රාජ්‍ය ආයතනවල රාජකාරී යළි ආරම්භ කළ යුත්තේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් තීරණයකට එළැඹෙන බවද ඔහු ප්‍රකාශ කළේය.

මුල් අදියරේදී අත්‍යවශ්‍ය සේවා සීමිත කාර්ය මණ්ඩලයක සහභාගීත්වයෙන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා කියාසිටියේය.

මේ අතර රාජ්‍ය ආයතනවල රාජකාරී ආරම්භ කිරීම සඳහා විශේෂ චක්‍රලේඛයක් ලබන සතියේදී නිකුත් කරන බවද රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය කියා සිටියා.

Related posts

පහළොස්-හැවිරිදි දැරිය අපයෝජනට අදාළව තවත් අත්අඩංගුවට ගැනීම්

Mohamed Dilsad

තවත් බස් රථ අනතුරක්

Mohamed Dilsad

අගමැති වෙන්න රනිල්ට ජනවරමක් නෑ

Mohamed Dilsad

Leave a Comment