දේශීය

මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් 2 ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – හොරණ ප්‍රදේශයේදී සිදුවූ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාශය මගින් ඊයේ (17) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය පෙබරවාරි මාසයේ ටී – 56 අවියකින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර, තවත් අයෙකුට බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 32 සහ 34 වයස්වල පසුවන්නන් වෙයි.

Related posts

උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම් කිරීමේ කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

කිසිදු ආසාදිතයෙක් වාර්තා නොවූ කිලිනොච්චියටත් කොරෝනා ව්‍යාප්ත වෙයි

Mohamed Dilsad

මැතිවරණ නීති උල්ලංඝණය කළ පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment