දේශීය

කොරෝනා ආසාධිතයෙකු ඇසුරු කල තවත් 6 ක් නිරෝධායනයට

(UTV| කෝවිඩ්-19) – කොරෝනා වෛරසය ආසාධිතයෙකු ඇසුරු කල ග්‍රෑන්ඩ්පාස්, කොටහේන, මාලිගාවත්ත සහ පුංචි බොරැල්ල යන ප්‍රදේශයන්හි පුද්ගලයින් 06 දෙනෙක් අද නාවික හමුදාව විසින් නිරෝධායන කටයුතු සඳහා යොමුකර තිබේ.

කොරෝනා වෛරසය ආසාධිතයින් සමඟ සමීප සබඳතා පැවැත්වූ කොළඹ ප්‍රදේශයේ පුද්ගලයින් සොයා නාවික හමුදා බුද්ධි මෙහෙයුම් දියත් කර ඇති අතර, එම මෙහෙයුම් මගින් අදාළ පිරිස සොයාගෙන ඇත.

මෙලෙස හදුනාගනු ලැබූ පිරිස ප්‍රදේශවාසීන්ගේ ආරක්‍ෂාව සහ සෞඛ්‍යමය හේතූන් මත නිරෝධායන ක්‍රියාවලියට යොමු කිරීම සඳහා පූර්ණ විෂබීජහරණකට ලක් කිරීමෙන් අනතුරුව වැලිසර ළය රෝහලෙහි ස්ථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කළේය.

Related posts

ව්‍යවස්ථාදායක සභාවේ රැස්වීමක් හෙට

Mohamed Dilsad

නාකොටික් නිළධාරීන්ට එරෙහිව මරණ දඬුවම ඉල්ලයි

Mohamed Dilsad

සාමාන්‍ය රෝගීන්ගේ ICU කොරෝනා ආසාදිතයින්ට

Mohamed Dilsad

Leave a Comment