දේශීයවිදෙස්

ලෝ පුරා කොරෝනා ආසාදිතයින් විසි දෙලක්ෂය ඉක්මවා යයි

(UTV | කෝවිඩ්-19) –  ලොව පුරා රටවල් 210 කින් දැනට වාර්තා වන සමස්ත කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 22 ලක්ෂ 66,000 ඉක්මවා තිබෙන බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. මරණ සංඛ්‍යාව එක් ලක්ෂ 55 දහස් ඉක්මවා ඇත.

මීට අමතරව , ඉන්දියාවේ බටහිර මුම්බායි නගරයේ නාවික හමුදා කඳවුරක 21 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඉන්දීය ආරක්ෂක අංශ වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

ඉන්දියාවේ මුළු කොරෝනා ආසාදිත සංඛ්‍යාව මේ වනවිට 14,425 ක් ක්වා ඉහළ ගොස් ඇති අතර මරණ සංඛ්‍යාව ද 488ක් ලෙස ද දැක්වෙයි.

මේ අතර දෙවන එළිසබෙත් මහ රැජිණගේ ලබන 21 වනදාට යෙදී ඇති 94 වන උපන් දිනය වෙනුවෙන් මෙවර හමුදා උත්තමාචාර වෙඩි මුර නොපවත්වන බව අද නිල වශයෙන් නිවේදනය කෙරුණා. ඒ මහ රැජිනගේ ඉල්ලීමක් මතයි.

68 වසරක බ්‍රිතාන්‍යයේ රාජකීය පාලනය තුළ එවැනි ඉල්ලීමක් ඉදිරිපත් වූ පළමු අවස්ථාව මෙයයි.

ස්පාඤ්ඤයේ ද මරණ සංඛ්‍යාව 20,000 ඉක්මවා ඇති අතර , එරට මුළු ආසාදිත සංඛ්‍යාව එක්ලක්ෂ 90,839 ක් බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ඒ අනුව කොරෝනා වෛරසය හමුවේ මරණ 20 දහසක් වාර්තා වූ තුන්වන වන රට බවට ස්පාඤ්ඤය අද පත්විය.

Related posts

ඊශ්‍රායලයේ ජනතාවට කොවිඩ් එන්නතේ 3 වන මාත්‍රාවත් ලබාදේ

Mohamed Dilsad

නාකොටික් නිලධාරීන් 12ක් අධිකරණයට

Mohamed Dilsad

නවවැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිය අදයි

Mohamed Dilsad

Leave a Comment