ගොසිප්

මැතිවරණයට දිනයක් ගැසට් කිරීමට සුදානම්

(UTV | කොළඹ ) – මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් හෙට(20) දිනයේ මැතිවරණ කොමිසමේදී පැවැත්වීමට නියමිතය.

මෙහිදී මැතිවරණය පැවැත්වීම සඳහා දිනයක් ගැසට් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීමට නියමිත බව වාර්තාවේ.

හෙට පස්වරුවේ පැවැත්වෙන මෙම හමුව සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා, අමාත්‍යාංශ ලේකම්වරුන් කිහිපදෙනෙකු ඇතුළු තවත් නිලධාරීන් කිහිප දෙනෙකු කැඳවා තිබේ.

ව්‍යවස්ථානුකූලව එය කළ යුතුම තත්ත්වයක් උදා වී ඇති නිසා එම කටයුත්ත සිදුකිරීමටත් මැතිවරණය පැවැත්වීමට සුදුසු තත්වයක් ඇති බවට නිර්දේශ අදාල බලධාරීන්ගෙන් ලිඛිතව ලබා ගැනීමටත් කොමිසමේ සාමාජිකයන් අතර මීට පෙර සාකච්ඡාවක් පවත්වා ඇති බවද වාර්තාවේ.

Related posts

ෆේස්බුක් ගිණුම ගැන මාලිගෙන් ප්‍රකාශයක් (VIDEO)

Mohamed Dilsad

ඉන්ධන මිල බැසිල් අතේ

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දළදා මාලිගයට

Mohamed Dilsad

Leave a Comment