ප්‍රමුඛ පුවත 1

කොළඹ කුණු මුතුරාජවෙලට

(උදයම්,කොළඹ)  –  කොළඹ මහා නගර සභාවේ කසළ බැහැර කිරීම සඳහා මුතුරාජවෙල ප්‍රදේශයේ සනීපාරක්ෂක කසළ රැඳවුමක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය හිමි වෙයි.

මේ සඳහා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය හා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල ලේකම්වරුන්ගෙන් සමන්විත කමිටවුක් රජය විසින් පත් කර ඇත.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කසළ කළමනාකරණ පර්යේෂණ ඒකකය විසින් ඉදිරිපත් කර තිබූ යෝජනාවක් සැලකිල්ලට ගනිමින්, වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උස්වැටකෙයියාව, මුතුරාජවෙල ප්‍රදේශයේ රජයට අයත් අක්කර 05ක භූමි ප්‍රමාණයක් තුළ දිනකට කසළ මෙට්‍රික් ‍ටොන් 400ක් පමණ කළමනාකරණය කළ හැකි සනීපාරක්ෂක කසළ රඳවනයක් ස්ථාපිත කිරීමට එම කමිටුව විසින් නිර්දේශ කර තිබුණි.

ඒ අනුව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට 2017 වර්ෂය සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන උපයෝගී කරගනිමින් මෙම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිණිස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මේ අතර  මහනුවර, ගොහාගොඩ අපද්‍රව්‍ය බැහැරලන ස්ථානය ආශ්‍රිතව ඝන අපද්‍රව්‍ය මඟින් කොම්පෝස්ට් පොහොර සහ විදුලිබලය නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දී ඇත.

එම ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කිරීම සඳහා එම ව්‍යාපෘති භූමිය ආශ්‍රිත ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙත වන්දි ලබා දී ඉවත් කිරීමටත්, මෙම ව්‍යාපෘතිය යටතේ නිපදවනු ලබන විදුලිය ලංකා විදුලිබල මණ්ඩලය මඟින් නිශ්චිත අයක්‍රමයක් යටතේ මිල දී ගැනීමට අදාළව එකඟතාවකට එළඹීමටත් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Related posts

ජාත්‍යන්තර සමුපකාර දිනය 95 වැනි වරට සැමරීමේ උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

කොළඹ සිට පකිස්ථානය දක්වා ගුවන් ගමන් යළි හෙට සිට

Mohamed Dilsad

ඥානසාර හිමියන්ගේ ඇපෑල කල් යයි

Mohamed Dilsad

Leave a Comment