දේශීය

කොරෝනා ප්‍රතිලාභ නොලැබූවන්ට දීමනාව හෙට සහ අනිද්දාත්

(UTV |කොළඹ ) – හෙට (20) සහ අනිද්දා (21) යන දෙදින තුළ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ වැඩසටහන යටතේ රජය ලබාදෙන රුපියල් 5000සේ දීමනාව මෙතෙක් නොලැබුණු පුද්ගලයින්ට එය ලබාදීමට නියමිතයි.

මෙම දීමනාව වැඩිහිටියන්ට, ආබාධිත පුද්ගලයින්ට , සමෘද්ධිලාභීන්ට සහ වකුගඩු ආබාධ සහිත පුද්ගලයින්ට මේ වනවිටත් ලබාදීම සිදු කෙරේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම රුපියල් 5000සේ දීමනාව නොලැබුණු එහෙත් අභියාචනා ඉදිරිපත් කර සුදුසුකම් සම්පූර්ණ කළ පුද්ගලයින්ට මේ මස 22 වන දා අදාළ ගෙවීම් සිදුකරන බවයි.

Related posts

අදත් ප්‍රදේශ රැසකට වැසි

Mohamed Dilsad

අග්‍රාමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරිය ලෙස කෞෂි පත් කරයි

Mohamed Dilsad

සයිනොෆාම් එන්නත අද සිට මෙරට ජනතාවට

Mohamed Dilsad

Leave a Comment