දේශීය

ඇඳිරි නීතිය පවතින දිස්ත්‍රික්කවල බදාදා තෙක් බස් හෝ දුම්රිය ධාවනය නැහැ

(UTV| කොළඹ) – ලබන 22 වනදා දක්වා ඇඳිරි නීතිය බලපැවැත්වෙන දිස්ත්‍රික්කවල දුම්රිය හෝ බස් රථ ධාවනයක් සිදුනොවන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළේය.

අද (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ඇඳිරි නීතිය ඉවත් කෙරෙන ප්‍රදේශවල හෙට සිට පොදු ප්‍රවාහන සේවාවන් ආරක්ෂිතව පවත්වාගෙන යාම සඳහා පියවර රැසක් ගෙන ඇති බවයි.

කෙසේ වෙතත්, පෞද්ගලික බස් රථ හෙට සිට ධාවනය කිරීමක් සිදුනොවන බවත්, ඒ සඳහා ප්‍රතිපාදන ලබාදීමක් සිදුකර නොමැති බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේය.

Related posts

ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ දී යම් විශේෂ වරප්‍රසාද ලැබෙනවා …! – සංජීව එදිරිමාන්න

Editor O

ලුණු මෙට්‍ර්ක් ටොන් 30,000ක් ආනයනය කරයි

Editor O

කොරෝනා තත්ත්වය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගෙන් පැහැදිලි කිරීමක්

Editor O

Leave a Comment