දේශීය

නිවසේ සිටම පාස්කු ප්‍රහාරයෙන් මියගිය පිරිස් සමරන ලෙසට අගමැතිගෙන් ඉල්ලීමක්

(UTV| කොළඹ) – පසුගිය වසරේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පිරිස් සැමරීම සදහා හෙට (21) සිදුකෙරෙන වැඩසටහන් වලට නිවසේ සිට දායකත්වය ලබා දෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කරයි.

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට වසරක් සපිරන හෙට දිනයේදී ප්‍රහාරයෙන් මියගිය පිරිස් සිහි කිරිම සදහා සෑම නිවසකම පහණක් දල්වන ලෙස කොළඹ අගදරගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සියලු කිතුණු බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව ද අග්‍රාමාත්‍යවරයා සිහිපත් කළේය.

 

Related posts

”තෙවන මාත්‍රාව දෙන්නත් රජය සූදානම්”

Mohamed Dilsad

උසස් පෙළ විභාගයට එන කාර්ය මණ්ඩලයට විශේෂ ප්‍රවාහන දීමනාවක්

Mohamed Dilsad

කොරෝනා නිසා පොලිස් ස්ථානයක් වැසෙයි

Mohamed Dilsad

Leave a Comment