දේශීය

මහින්ද දේශප්‍රිය සහ යුද හමුදාපති අතර අද සාකච්ඡාවක්

(UTV| කොවිඩ් 19) –  මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සහ කොරෝනා වෛරසය වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද (21) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.

මෙම සාකච්ඡාව සඳහා යුද හමුදාපතිවරයා, වැඩ බලන පොලිස්පතිවරයා මෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රධානියා ඇතුළු පිරිසක් සහභාගි වන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

ලබන ජුනි මස 20 වැනි දා මහ මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම ඊයේ තීරණය කළ අතර මැතිවරණයට තරග වදින දේශපාලන පක්ෂ ලේකම්වරුන් අද මැතිවරණ කොමිසමට කැඳවා තිබේ.

ඒ, ඉදිරි මහ මැතිවරණය හා වත්මන් කොරෝනා ව්‍යාප්තිය හමුවේ මැතිවරණ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි.

 

Related posts

T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

Mohamed Dilsad

මුද්‍රා නොකැඩූ ගෑස් සිලින්ඩර් යළි කැදවන්නැයි ලිට්රෝ සමාගමට නියෝග

Mohamed Dilsad

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment