දේශීය

ශ්‍රී ලාංකික සිසුන් මෙරටට ගෙන්වා ගැනීමට විශේෂ ගුවන් ගමන් කීපයක්

කොරෝනා වසංගතය ව්‍යාප්ත වීමත් සමග පනවන ලද සංචාරක සීමාවන් හේතුවෙන් විදේශයන්හි අතරමං වී සිටින ශ්‍රී ලාංකිකයන් 443 දෙනෙකු මෙලෙස දිවයිනට රැගෙන ඒමට නියමිතව ඇත.

විදේශ රටවල අතරමංව සිටින ශ්‍රී ලාංකික සිසුන්නැවත ගෙන්වා ගැනීමේ ශ්‍රී ලංකා රජයේ වැඩ සටහනේ කොටසක් ලෙස මෙම විශේෂ ගුවන් ගමන් ක්‍රියාත්මක වන අතර ඒවා විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහයෝගයෙන් සිදු කෙරේ.

අද දින ලාහෝර් නුවර සිට ශ්‍රී ලාංකිකයින් 93 දෙනෙකු සහ කරච්චි නුවර සිට 20 දෙනෙකු යූඑල් 1206 ගුවන් යානයෙන් ආපසු පැමිණීමට නියමිතය.

අප්‍රේල් මස 23 වන දින තවත් මගීන් 101 ක් යූඑල් 146 ගුවන් යානයෙන් අමරිට්සර් සිට ආපසු මෙරටට පැමිණීමට නියමිතව සිටියි.

තවත් විශේෂ ගුවන් ගමන් දෙකක්, එනම්අප්‍රේල් මස 24 වන දින, යූඑල් 194 ගුවන් යානයෙන් කොයිම්බතූර් සිට ශ්‍රී ලාංකිකයින් 117 ක් සහ යූඑල් 1425 දරන ගුවන් යානයෙන් කත්මන්ඩු සිට තවත් මගීන් 93 ක් ආපසු රැගෙන ඒමට සැලසුම් කර තිබේ.

මෙම ප්‍රාන්තවල ඇති ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාල විසින් මෙම විශේෂ ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට අදාළ සිවිල් ගුවන් සේවා බලධාරීන්ගෙන් අවසර ලබාගෙන ඇත.මෙලෙස  ඔවුන් සියලු දෙනා ශ්‍රී ලංකාවට නැවත පැමිණි පසු අවශ්‍ය ක්‍රියා පටිපාටි සඳහා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන්, ත්‍රිවිධ හමුදාව සහ වෙනත් අදාළ ආයතනවල භාර දෙනු ලැබේ.

Related posts

කොවිඩ් එන්නත් දුන් පිරිස 120,000 ට ආසන්න වෙයි

Mohamed Dilsad

කොත්තු, බත් පැකට්ටුවක මිල 10% කින් ඉහළට

Mohamed Dilsad

ආණ්ඩුව විසින් සහල් මිල ඉහළ දමා පාරිභෝගිකයන් පීඩාවට පත් කරලා – සමස්ත ලංකා සුළු හා මධ්‍ය පාරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය

Editor O

Leave a Comment