දේශීයවිදෙස්

කොවිඩ් -19 එන්නතක් සියලු රටවලට හිමිවිය යුතු බවට යෝජනාවක්

(UTV | කොවිඩ් 19 ) – කොරෝනා වෛරස්ව සංගතයට එරෙහිව ඉදිරියේදී නිෂ්පාදනය කරනු ලබන එන්නතකට සමාන ප්‍රවේශයක් සියලු රටවලට හිමිවිය යුතු බවට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඊයේ (20) යෝජනාවක් සම්මත කරගත් බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

එහි සාමාජික රටවල් අවධාරණය කර සිටියේ කොවිඩ් -19 එන්නතකට සමාන මෙන්ම, කාර්යක්ෂම ප්‍රවේශයක් කාලානුරූපව හිමිවිය යුතු බවයි.

එවැනි එන්නතක් සංවර්ධන කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය පෙරමුණ ගැනීම පිළිබඳව ද මෙහිදී මහා මණ්ඩලයේ අවධානයට යොමුව ඇති අතර, මෙක්සිකෝව මගින් ඉදිරිපත් කළ එම යෝජනාවට ඇමරිකාවේ ද සහය ලැබී තිබේ.

අදාළ යෝජනාවෙන් වැඩිදුරටත් අවධාරණය කෙරුණේ කොවිඩ්-19 මර්දනය සඳහා විද්‍යාත්මක ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර සහයෝගිතාව වැදගත් වන බවයි.

අදාළ යෝජනාව මගින් ජගත් මහලේකම්වරයාගෙන් ඉල්ලීම් කර ඇත්තේ ඉදිරියේදී නිපදවන එන්නතක් මෙන්ම, කොවිඞ්-19 මර්දනයට සහ පාලනයට අදාළ උපකරණ, පරීක්ෂණ කට්ටල, වෛද්‍ය සැපයුම් සහ ඖෂධ ද සාධාරණ ලෙස, විනිවිදභාවයකින් යුක්තව, සමාන ආකාරයෙන්, ලොව සියලු රටවලට බෙදා හැරිය යුතු බවයි.

Related posts

ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරමකට සම්බන්ධ අයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ප්‍රමිතියෙන් තොර දඟර කම්බි සොයා වැටලීම් අරඹයි

Mohamed Dilsad

මාලක සිල්වාට ඇප

Mohamed Dilsad

Leave a Comment