දේශීයව්‍යාපාරික

වැඩි මිලට කහ කුඩු අලෙවිකරන්නන් සොයා මෙහෙයුම්

(UTV | කොළඹ) – අද (22) සිට කහකුඩු වැඩි මිලට අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් ආරම්භ කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

පාරිභෝගික සේවා අධිකාරිය විසින් කහකුඩු කිලෝග්‍රෑමයක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 750 ක් ලෙස දක්වමින් ඊයේ (21) අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කළේය.

මේ වනවිට වෙළඳපොලේ කහකුඩුවල හිඟයක් මතුවී ඇති අතර ඒවා විවිධ මිල ගණන් යටතේ වෙළඳපොලේ අලෙවිවීම සැලකිල්ලට ගෙන මෙලෙස පාලන මිලක් පනවා තිබේ.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ අපේක්ෂකයින්ගේ හැඳුනුම්පත් සකස් කිරීමට විශේෂ දිනයක් හෙට

Mohamed Dilsad

නිරෝධායන රීති කැඩූ 90 කට අධික පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment