දේශීය

වවුනියාවේ සියලුම රූපලාවන්‍ය මධ්‍යස්ථාන වසා දැමීමට පියවර

(UTV | වවුනියාව) – අද (22) සිට වවුනියාවේ ක්‍රියාත්මක රූපලාවන්‍ය මධ්‍යස්ථාන හා සැලුන් සියල්ලම වසා දමන ලෙස පළාතේ සෞඛ්‍ය බලධාරීන් දැණුම් දී තිබේ.

වවුනියාවේ සෞඛ්‍ය බලධාරීන් පැවසුවේ කොරෝනා වෛරස් රෝගය මේ ස්ථාන හරහා පැතිර යාමට ඇති ඉඩකඩ වැඩි බැවින් රෝගය පැතිර යාම වැළැක්වීමේ පියවරක් වශයෙන් මේ තිරණය ගෙන ඇති බවයි.

තවද ගම්මට්ටමින් නිවෙස් වෙත යමින් එම කටයුතු සිදු කිරීමෙන් වළකින ලෙසත් මෙම ආයතන වල සිටින පිරිස එකම ඇදුම් හා එකම උපකරණ භාවිත කිරීම වැළැක්විය නොහැකි නිසා සේවය ලබා ගන්නා අයට කොරෝනා රෝගය බෝවීමේ වැඩි අවධානමක් ඇති බවත්  වවුනියාවේ සෞඛ්‍ය බලධාරීන් වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

ත්‍රිරෝද රථ – බස් රථ අනතුරින් දෙදරු පියෙක් මරුට

Mohamed Dilsad

විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් රැසක් යළි මෙරටට පැමිණීමට ඉල්ලයි

Mohamed Dilsad

රාත්‍රී කාලයේ දී රථවාහන නැවැත්වීමට සංඥා කිරීම පිළිබඳ පොලිස් නිලධාරීන්ට අනිවාර්යය උපදෙස් මාලාවක්

Editor O

Leave a Comment